Setup Menus in Admin Panel

ශිෂ්‍යත්වෙන් ජය ලබන්න විනෝදයෙන් ඉගෙනගන්න
සිප් පියස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග

ගණිතය, සිංහල හා පරිසරය සියලුම පාඩම්
විශේෂ ශිෂ්‍යත්ව පාඩම් මාලාවක්
ප්‍රයෝගික පරීක්ෂණ හා ක්‍රියාකාරකම්
විනෝදයෙන් ඉගෙනීමට පරිගණක ක්‍රීඩා
රස වින්දනයට කවි, ගී හා නාට්‍යය
දැනුම තහවරු කිරීමට අභ්‍යාස
ප්‍රශ්නපත්‍ර 65 ක් හා විස්තරාත්මක පිළිතුරු විග්‍රහයන්

Yellow-Background-01සතුන්ගේ හැසීරීම් රටා, ශාක ලෝකය, අතිත විත්ති වැනි පාඩම් සරලව පැහැදිලි කර දෙන අතර තුර ස්වභාවික දර්ශනත් පෙන්වන නිසා පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. කවි, සින්දු වගේම නාට්‍යනුසාරයෙන් ද පාඩම් ඉදිරි පත් කර තිබිමෙන් ඉගෙන ගන්න ආස හිතෙනවා. ගණිත සංකල්ප සරලව පැහැදිලි කර දෙන නිසා ගණිත ගැටළු පහසුවෙන්ම විසඳන්න පුලවන් කම ලැබෙනවා. පරික්ෂන, ක්‍රියාකාරකම් වගේම අත්කම් නිර්මාණ රාශියක්ද පාඩම් තුල ඇතුලත් කරලා තිබෙනවා. පාඩම් අතර තුර ක්‍රීඩා රාශියකුත් ඇතුලත් කර තිබෙන නිසා විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්. එම ක්‍රීඩාවලින් කරන්නෙත් දැනුම ලබා ගන්න එකයි ලබා ගත් දැනුම තහවුරු කරන එකයි.ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් විශේෂ විභාව්‍යතා පාඩම් මාලාවකින් හා ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර රාශියකින් ද සමන්විතයි. පාඩම් ඉදිරිපත් කර ඇති ආකාරයට අවශ්‍ය පාඩම ලේසියෙන් තෝරා අවබොධ වනතෙක් නැවත නැවත බලන්න පුළුවන්. සියලු ම අභ්‍යාස සහ ප්‍රශ්ණ පත්‍ර සඳහා සවිස්තරාත්මක පිලිතුරු විග්‍රහයන් ද සපයා තිබිම නිසා දරුවාගේ දැනුම මට්ටම මැන බැලිමට හැකි වනවා.

සිප් පියස පාඩම් තුල ඇති විශේෂාංග 10 ක්

කැමති පාඩම කැමති වේලාවට කැමති තැනක සිට අවබෝධවන තුරු ම අධ්‍යයනය කළ හැකි වීම

ලෝකයේ වේගයෙන් ප‍්‍රචලිත වෙමින් පවතින නවීනතම අධ්‍යාපන සංකල්පය වන ඊ-ලර්නිං සංකල්පයට අනුව නිර්මාණය කර ඇති මෙම පාඩම් මාලා දරුවාට කැමති පාඩමක්, කැමති වේලාවකට, කැමති තැනක සිට තමාට ම අවබෝධ වන තුරු ම අධ්‍යයනය කළ හැක. මේ නිසා  ඕනෑ ම බුද්ධි මට්ටමක සිටින දරුවකුට තම දැනුම් මට්ටම වැඩි දියුණ කර ගැනීමට අවස්ථාව ලැබේ.

විෂය නිර්දේශයට අදාළ සියලු ම විෂය කරුණු ආවරණය කරමින් සරල ව හා පැහැදිලි ව ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන්

ඒකාකාරී වූ අධ්‍යාපන රටාවෙන් මිදී ආසාවෙන් විනෝදයෙන් ඉගෙනීම් කටයුතුවල යෙදිය හැකි අයුරින් සජීවී රූප රාමු, සජීවීකරණ රූපරාමු‍, (Animated Videos) ආදී වූ ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යයන් යොදා ගනිමින් සරල ව හා පැහැදිලි ව පාඩම් ඉදිරිපත් කරයි. මේ නිසා දරුවන්ට ආසාවෙන් විනෝදයෙන් ඉගෙන ගත හැකි නිසා ස්ව කැමැත්තෙන් ම ඉගෙනීම් කටයුතුවල යෙදෙනු ඇත.

අවශ්‍ය විෂය කරුණු වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව

ඒකක වශයෙන් පාඩම් ඉදිරිපත් කර ඇති නිසා, දරුවන්ට අධ්‍යයනය කිරීමට අවශ්‍ය  ඕනෑම විෂය කරුණක් හෝ පාඩමක් හෝ  ඕනෑම අවස්ථාවක වඩාත් පහසුවෙන් හා ඉක්මනින් අධ්‍යයනය කළ හැකියි.

සජීවීකරණ රූපරාමු සහිත සරල පැහැදිලි කිරීම්

අසන දෑට වඩා දකින දෑ මතකයේ රැඳෙන නිසාවෙන් විෂය කරුණු ශ‍්‍රව්‍ය මාධ්‍යයෙන් පමණක් නොව දෘශ්‍ය මාධ්‍යයෙන් ද ඉගෙන ගැනීමට ලැබෙන දරුවාට නිසැක ව ම විෂය කරුණු ආයාසයකින් තොර ව මතකයේ රඳවා ගත හැකියි. එ නිසා ම විෂය කරුණු ධාරණය වන ප‍්‍රමාණය වැඩි වේ.

විෂයානුබද්ධ රූපරාමු

ශාක ලෝකය, සත්වලෝකය, අන්වීක්ෂීය දර්ශන, විශ්වයේ අසිරිය ආදී වූ පන්ති කාමරයේ දී ඇසීමෙන් හෝ පෙළපොතේ දක්නට ඇති රූපවලින් පමණක් ඉගෙන ගන්නා මෙවැනි ක්ෂේත‍්‍රයන් සම්බන්ධ විෂය කරුණු, සජීවී රූප රාමු, (Videos) හෝ සජීවීකරණ (Animated Videos) රූපරාමු මගින් සජීවී ව සියැසින් දකිමින් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසේ. මෙමගින් දරුවන් පාඩම් අධ්‍යයනයෙහි නිරායාසයෙන් ම රැඳෙනවා මෙන් ම විෂය කරුණු වඩාත් සමීප අයුරින් ඉගෙන ගැනීමට හැකි නිසා වඩාත් පහසුවෙන් ධාරණය වේ.

ප‍්‍රායෝගික පරීක්ෂණ, විද්‍යාගාර පරීක්ෂණ, අත්කම් නිර්මාණ, ක‍්‍රියාකාරම් සජීවී අත්දැකීම් ලෙසින්

පන්තිකාමරයේ දී එක් වරක් හෝ දෙවරක් හෝ කරනු ලබන විෂයානුබද්ධ ක‍්‍රියාකාරකම්, ප‍්‍රායෝගික පරීක්ෂණ,‍ විද්‍යාගාර පරීක්ෂණ, අත්කම් නිර්මාණයන් හි සජීවී අත්දැකීම විඳගනිමින් නැවත නැවත  ඕනෑම වරක් නරඹමින් ඉගෙන ගැනීමේ අවස්ථාව දරුවාට හිමි වේ. විෂය කරුණු ධාරණය වන ප‍්‍රමාණය වැඩි වීමට මෙය තවත් රුකුලකි.

කවි‍, සිංදු, නාට්‍යානුසාරයෙන් පාඩම් ඉදිරිපත් කිරීම්

විෂයානුබද්ධ කාව්‍ය‍, සිංදු, නාට්‍ය ආදී වූ සාහිත්‍යාංග රස විඳිය හැකි ලෙස නිර්මාණාත්මක ව ඉදිරිපත් කර ඇති නිසා ආසාවෙන් හා විනෝදයෙන් ඉගෙනීම් කටයුතුවල නිරත විමට දරුවන්ට අවස්ථාව ලැබේ. මේ නිසා දරුවන් ස්වකැමැත්තෙන් ම අධ්‍යයන කටයුතුවල නිරත වනවා සේ ම දරුවන්ගේ රස වින්දන හැකියාව වැඩි දියුණු වේ.

දැනුම් මට්ටම තහවුරු කර ගැනීමට පරිගණක ක‍්‍රීඩා ලෙස සාධනීය අභ්‍යාස

විෂය කරුණු ඉගෙන ගැනීම පමණක් නොව උගත් විෂය කරුණු වඩ වඩාත් ධාරණය වීමට නම් අභ්‍යාසයේ යෙදීම අත්‍යවශ්‍ය වේ. එමගින් විෂය කරුණු තමන්ට අවබෝධ ප‍්‍රමාණය තහවුරු කර ගැනීම තුළින් නැවත අධ්‍යයනය කළ යුතු විෂය කරුණු හඳුනා ගත හැකි වේ.

වර්තමානයේ දරුවන් වඩාත් රුචිකත්වයක් දක්වන පරිගණක ක‍්‍රීඩා ආකාරයට සකසා ඇති අධ්‍යාපනික පරිගණක ක‍්‍රීඩා, ක‍්‍රියාකාරකම්වල යෙදීමෙන් උගත් විෂය කරුණු වඩාත් තහවුරු කර ගැනීමට දරුවාට අවස්ථාව සලසා ඇත. ස්වකැමැත්තෙන් ම දරුවන් අභ්‍යාසවල නිරත වන නිසා විෂය කරුණු ධාරණය වන ප‍්‍රමාණය නිරායාසයෙන් ම වැඩිවනවා මෙන් ම නැවත අධ්‍යයනය කළ යුතු විෂය කරුණු හඳුනාගනිමින් නැවත නැවත අධ්‍යයනයෙහි යෙදීම නිසා කිසිදු විෂය කරණුක් මග නොහැරේ.

සෑම ඒකකයක් ම අවසානයේ ඇගයීම් පත‍්‍ර

විෂය කරුණු ඉගෙනීම, අභ්‍යාසවල යෙදීම පමණක් නොව විභාග ගැටලුවලට ද පිළිතුරු ලිවීමේ හැකියාව වැඩි දියුණු කර ගත යුතුයි. මේ සඳහා සෑම ඒකකයක් ම අවසානයේ ම, උගන්වන විෂය කරුණු ආවරණය වන සේ සකස් කර ඇති ඇගයීම් පත‍්‍රවලට පිළිතුරු ලිවීම තුළින් පිළිතුරු ලිවීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට දරුවාට අවස්ථාව සැලසේ. මෙමගින් විභාගවලට මුහුණ දීම වඩාත් පහසු වේ.

ඇගයීම් පත‍්‍ර සඳහා සවිස්තරාත්මක පිළිතුරු විග‍්‍රහයන්

සපයන ලද පිළිතුරු නිවැරදි දැයි තහවුරු කර ගැනීම සඳහා සෑම ප‍්‍රශ්න පත‍්‍රයක් සඳහා ම සවිස්තරාත්මක පිළිතුරු විග‍්‍රහයන් ඇතුළත්. නිවැරදි පිළිතුර වන්නේ ඇයි ද යන්නත් සෙසු පිළිතුරු නිවැරදි නොවීමටත් හේතු පැහැදිළි කරමින් ඉදිරිපත් කරන සවිස්තරාත්මක පිළිතුරු සාකච්ඡාවන් තුළින් විෂය කරුණුවල ගැටලු සහගත තැන් ඒ අවස්ථාවේ දී ම නිරාකරණය කර ගැනීමටත් අවස්ථාව ලැබේ.